ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ගේ චීන සංචාරය සංධිස්ථානාත්මක සංචාරයක් වනු ඇතැයි චීනය කියයි
2023-11-03 18:37:38
Share with:

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නිරත වීමට නියමිත චීන සංචාරය සංධිස්ථානාත්මක සංචාරයක් වනු ඇති බව චීනය පවසයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා ශංහැයි නුවර පැවැත්වෙන 6වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශයට සහභාගීවීමට සමගාමීව චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. සංචාරය හෙට(04) සිට 7වැනි දා දක්වා සිදු කෙරේ.

අද(03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ චීනය ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ගේ චීන සංචාරය  පිළි ගන්නා බවයි. Albanese මහතා එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිදු කරන ප්‍රථම චීන සංචාරය මෙයයි. 2016 වසරෙන් පසු චීනයේ නිල සංචාරයක නිරතවන ප්‍රථම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ද ඔහු වීම විශේෂත්වයකි. චීන රජයේ නායකයන් ඔහු  හමුවනු ඇති අතර ද්වීපාර්ශ්වික සබඳතා හා පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව මනා ලෙස අදහස් හුවමාරු කර ගනු ඇති බව ද Wang Wenbin මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම