චීන ජර්මානු සබඳතා වර්ධනයේ වැදගත්කම චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි
2023-11-03 19:22:16
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ජර්මන් චාන්සලර් Olaf Scholz මහතා අද (3) පස්වරුවේ වීඩියෝ ආකාරයෙන් හමුවක් පැවැත්වූහ.

දෙරටේ සබඳතාව දෙවන වසර 50ට එළැඹ ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. සමස්ත උපාය මාර්ගික හවුල්කරුවන් ලෙස, චීනය සහ ජර්මනිය අඛණ්ඩව සහයෝගිතා ආත්මය සහිතව එක්ව ගමන් කරමින් සිටින බව ද හෙතෙම කීය. වර්තමානයේ, දෙරටේ වෙළඳාම ස්ථීර ලෙස සංවර්ධනය වෙමින් පවතින අතර, ද්වී-මාර්ග ආයෝජන සහ විවිධ සහයෝගීතාවන් වඩාත් ගැඹුරු වෙමින් පවතී. 6 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා ජර්මානු සමාගම් 130 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙයි. චීනයේ සංවර්ධනය කෙරෙහි ජර්මානු සමාගම්වල දැඩි විශ්වාසය ඉන් පිළිබිඹු කෙරේ. දෙරටේ සහයෝගීතාව තුළින් තවදුරටත් විශාල විභවයන් මුදාහැරෙනු ඇති අතර දෙරටේ ජනතාවට වඩා ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි ෂී ජින් පිං මහතා විශ්වාස පළ කරයි.

චීනය සමඟ සබඳතාව ජර්මනියට ඉතා වැදගත් බව Olaf Scholz මහතා එහිදී අවධාරණය ‍කළේය. දෙරටේ යහපත් සබඳතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, චීන-යුරෝපා සබඳතාව ප්‍රවර්ධනය කිරීමටත් ජර්මනිය කැමැත්තෙන් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය. ජර්මානු සමාගම් චීනය තුළ ඉහළ සාර්ථකත්වයන් අත්කර ගනු ඇතැයි හෙතෙම එහිදී බලාපොරොත්තු පළ කර ඇත‍.

පලස්තීන-ඊශ්‍රායල ගැටළුව පිළිබඳව දෙපාර්ශ්ව එම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගෙන ඇත. ගැටුම් සමථයකට පත් කිරීම සහ කලාපීය සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සහ යුරෝපය කැපවිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම