නව සමාජ බුද්ධි ඒකකයක්
2023-11-03 18:07:42
Share with:

ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එම නව බුද්ධි කොට්ඨාසය හරහා අවශ්‍ය පියවර ගන්නා බවය.

ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බලකායත් සමග එක්ව මෙම  සමාජ බුද්ධි ඒකකය පිහිටුවා තිබේ. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම් මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර පාලනයට එය ඉවහල් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම