ජනාධිපතිවරයා හා ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර හමුවක්
2023-11-03 18:14:34
Share with:

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් සිදුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම හමුව සඳහා ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ මෙරටට පැමිණ සිටින ඉන්දීය නියෝජිත පිරිස ද සහභාගී වූ බවය.

එම හමුව ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබේ.

එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ප්‍රදානය කරනු ලබන ඩොලර් මිලියන 15ක ආධාර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කරගත් බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉන්දීය නිවාස වැඩසටහනේ පළමු අදියර යටතේ කොටගල, දිඹුල ප්‍රදේශයේ නිවාස 10,000ක් සඳහා ඩිජිටල් ක්‍රමය හරහා මුල්ගල් තැබීම ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

කඳුකර වතු ජනතාව සඳහා පර්චස් 10 බැගින් ඉඩම් ඔප්පු ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවයේ දී පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම