ගෝලීය පොදු ජයග්‍රහණයන් තිළිණ කරන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2023-11-03 19:59:12
Share with:

හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන පස් වැනිදා සිට 10වැනිදා දක්වා චීනයේ ෂැන්හයි නගරයේ පැවැත්වීමට නියමිත ව තිබේ. එම කාලය තුළ රටවල්, ප්‍රදේශ හා ජගත් සංවිධාන 154ක අමුත්තන් මෙන්ම ගෝලීය ව්‍යාපාර 3400ක් පමණ එම ප්‍රදර්ශනයට එක් වනු ඇත.

කෝටි 40ක මධ්‍යම ආදායම් ලාභීන් පිරිසක් සහිත බිලියන 1.4ක ජනගහනයකින් යුතු සුවිශාල වෙළඳපොලක් චීනය සතුය. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලෝක අවධානය දිනා ගෙන ඇත්තේ එවන් සාධකයන් මෙන්ම චීන රජය අඛණ්ඩව ඉදිරියට ගෙන යන විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ද හේතුවෙනි. මෙවර එහි ජාතික ප්‍රදර්ශනාංගයට එක් වන පාර්ශ්වයන් 72ක් අතරින් 64ක් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ‍ට සම්බන්ධ රටවල් වීම ද විශේෂත්වයකි.

මෙවර ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර, ‘සේද මාවත විද්‍යුත් ව්‍යාපාර සහයෝගතා පිළිබඳ පුරෝගාමී කලාපය’  ෂැන්හයි හිදී ස්ථාපිත කෙරිණ. එය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙසට සැලකේ. එක් තීරයක් එක් මාවතක් වැ‍ඩපිළිවෙළට අදාල සහයෝගතා මගින් ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර වඩා වැඩි හවුල්කරුවන් ප්‍රතිලාභ බෙදා ගැනීම, ප්‍රදර්ශනයට එක්වන ව්‍යාපාරවල නියෝජිතවරුන්ගේ පොදු අපේක්ෂාවකි.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එක් තීරයක් එක් මාවතක් වැඩපි‍ළිවෙළේ සංවර්ධනයට එක්වූ ඌන සංවර්ධිත රටවල් කෙරේ දක්වන සහයෝගය ද අගය කළ යුතුය. නොමිලේ ප්‍රදර්ශන කුටි හා දීමනා ලබා දීම, එම රටවල  ප්‍රදර්ශන භාණ්ඩ සඳහා අනුග්‍රාහී බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැනි පියවර මගින් එම රටවල නිෂ්පාදිතයන් චීන වෙළෙඳපොලට ප්‍රවේශ වීමට සහාය වනු ඇත.  

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම