5වැනි චීන-ඇමරිකා මිත්‍ර නගර සමුළුවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-11-03 13:57:29
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 5වැනි චීන-ඇමරිකා මිත්‍ර නගර සමුළුවට සුබ පැතුම් පිරිනමයි.

චීන හා ඇමරිකානු ජනතාව අතර මිත්‍රත්වය ගැඹුරු කොට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා මිත්‍ර පළාත්, ප්‍රාන්ත සහ මිත්‍ර නගර වැදගත් වාහන වන බව ෂී ජින් පිං මහතා සිය පණිවිඩයේ සඳහන් කරයි.‍ 1979 දී පළමු මිත්‍ර-නගර සබඳතා ද්විත්වය පිහිටුවීමෙන් පසු, චීනය සහ ඇමරිකාව මිත්‍ර පළාත්, ප්‍රාන්ත සහ මිත්‍ර නගර යුගල 284 ක් පිහිටුවා ඇත. චීන-ඇමරිකා මිත්‍ර නගර සමුළුව චීනය සහ ඇමරිකාව අතර ප්‍රාදේශීය හුවමාරු සඳහා වැදගත් යාන්ත්‍රණයක් බවත් මෙවර සමුළුවට සහභාගී වන විවිධ පාර්ශ්වයන් දෙරට අතර ප්‍රාදේශීය හුවමාරු සඳහා පාලමක් ලෙස අඛණ්ඩව සේවය කරමින් දෙරටේ සබඳතාවල විධිමත් හා ස්ථාවර වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධව විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කරයි.

“හරිත නගර පොදුවේ ගොඩනගා ජනතාවගේ ජීවනෝපාය සහ යහපැවැත්ම බෙදා ගැනීම”යන මැයෙන් එම සමුළුව අද(3) චීනයේ Jiangsu පළාතේ Suzhou නගරයේ පැවැත්විණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම