සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය පාලනය කරන ලෙස චීනය ඉල්ලයි
2023-11-03 09:31:00
Share with:

ඊශ්‍රායල-පලස්තීන ගැටුම සමනය කර ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් අරඹන ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඉල්ලා සිටී.

ජෝර්දානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ayman Safadi මහතා සමඟ ඊයේ(2) දුරකථන සංවාදයකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ සරණාගත කඳවුරුවලට එල්ල කරන ප්‍රහාර චීනය දැඩිව හෙළා දකී. නොවැම්බර් මස ආරක්ෂක කවුන්සිලයේ සභාපතිවරයා ලෙස, චීනය සියලු පාර්ශ්ව සමඟ සමීප සන්නිවේදනයක් සහ සම්බන්ධීකරණයක් පැවැත්වීමට සූදානම් බවත්, තත්ත්වය හැකි ඉක්මනින් පාලනය කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය තුළ සම්මුතියක් ගොඩනැගීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් වැන්ග් යී මහතා පැවසීය. ද්වි-රාජ්‍ය විසඳුම නැවත ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ නව සම්මුතියකට එළඹීමට සහ නිශ්චිත කාලසටහනක් සහ මාර්ග සිතියමක් සකස් කිරීමට හැකි ඉක්මනින් වඩාත් බලයලත් ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාවය ද හෙතෙම අවධාරණය කළේය.

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හදිසි විශේෂ සැසිවාරයේදී යෝජනාව සම්මත කර ගැනීමට සහාය දීම සම්බන්ධයෙන් Safadi මහතා චීනයට ස්තුතිය පුද කර ඇත. ද්වීරාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට චීනය සමඟ කටයුතු කිරීමට ජෝර්දානය කැමැත්තෙන් සිටින බව ද Ayman Safadi මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම