චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නව සංවර්ධනයේ වැදගත් වේදිකාවක්
2023-11-03 17:12:18
Share with:

හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5 වැනිදා ආරම්භ වෙනවා.

පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවති 2018 වසරේ චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියේ 40 වැනි සංවත්සරය සනිටුහන් කෙරුණා.  චීන ආර්ථිකය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුවිශේෂ අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. ‘කුඩා පොකුණක් නොව, චීන ආර්ථිකය සාගරයක්. සාගරයක් නම් ඇතැම් විට සන්සුන්ව පවතියද ඇතැම් විට දැඩි සුළං හා වර්ෂාවට මුහුණ පානවා. ඒත් එවන් කුණාටුවකට කුඩා පොකුණක් පෙරළා දැමිය හැකි වුවද සාගරයක් පෙරළා දැමිය නොහැකියි’යැයි ෂී ජින් පිං මහතා පෙන්වා දෙනවා.

චීන ආර්ථිකයේ විශාලත්වය, ස්ථාවරත්වය සහ විවෘතභාවය ෂී ජින් පිං මහතා ගේ “සාගරය සංකල්පයෙන්” පැහැදිළි කෙරෙනවා. චීන ආර්ථිකය අභියෝගයන්ට මුහුණ දීමේ ස්වයං විශ්වාසය, විවෘත කිරීමේ අධිෂ්ඨානය සහ ලෝකය සමඟ පොදු ප්‍රතිලාභ බෙදා ගැනීමේ අපේක්ෂාව ද ඉන් පිළිබිඹු කෙ‍රෙනවා.

බිලියන 1.4 ක ජනගහනය සහිත චීනයේ විශාල වෙළඳපොලක් සහ විභවයක් පවතිනවා. චීන විශාල වෙළඳපොලේ අවස්ථා සොයා බැලීමට පැමිණෙන ලෙස ෂී ජින් පිං මහතා පෙර පැවති ප්‍රදර්ශනයකදී ලොවට ආරාධනා කර තිබෙනවා.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනය නව සංවර්ධන ව්‍යුහය ගොඩනැගීමේ වැදගත් වේදිකාවක්. එම ප්‍රදර්ශනයේදී ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ නිදහස් වෙළඳ කලාපය ප්‍රවර්ධනය කිරීම සහ විදේශ ආයෝජන ප්‍රවේශය ලිහිල් කිරීම ඇතුළු විවිධ විවෘත කිරී‍මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම