ගාසා තීරයේ රෝහල් සේවා දැඩි ලෙස අඩාල වේ
2023-11-02 10:59:14
Share with:

ගාසා තීරයේ රෝහල් 35 න් අඩකට ආසන්න සංඛ්‍යාවක මෙහෙයුම් මේ වනවිට නවතා ඇතැයි පලස්තීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ වෛද්‍ය සායන වසා දමා ඇති බව ද එම දෙපාර්තමේන්තුව ඊයේ (1) ප්‍රකාශ කළේය. ඊයේ (01) වනවිට ගාසා තීරයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 130 දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, ගිලන්රථ 28 ක් විනාශ වී තිබේ.

ගාසා තීරයේ ඇති එකම පිළිකා ප්‍රතිකාර රෝහල වන තුර්කි-පලස්තීන මිත්‍රත්ව රෝහලේ සත්කාරක සේවා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර සහ ඉන්ධන අවසන් වීම හේතුවෙන් නතර කර ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍ය Mai al-Kaila මහත්මිය පැවසුවාය. රෝහලේ සිටින පිළිකා රෝගීන් 70 දෙනෙකුගේ ජීවිතවලට බරපතල තර්ජනයක් එල්ල වී තිබේ. මේ නිසා හමුදා මෙහෙයුම් නතර කරන ලෙසත්, අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයුම් සමග ස්වේච්ඡා වෛද්‍ය කණ්ඩායම්වලට ගාසා තීරයට පැමිණ තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීමට ඉඩ සලසන ලෙසත් ඇය නැවත වරක් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියාය.

මේ අතර, මෑතපෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය ඒජන්සියේ කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (1) ගාසා තීරයට පැමිණීමෙන් පසු කියාසිටියේ, එහි ආහාර, ජලය සහ ඉන්ධන නොමැතිකම තමා කම්පනයට පත් කළ බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම