පොල් වගාවේ මයිටා උවදුර පාලනයට නව ක්‍රමවේදයක්
2023-11-02 16:37:11
Share with:

දකුණු පළාතේ පොල් වගාව තුළ දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා  (Aceria guerreronis) වසංගතය මැඩලීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් හඳුන්වාදෙන ලද විලෝපිත මයිටාවෙක් (NEOSEIULUS BARAK) යොදා ගැනීම ඉතාමත් සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනය සඳහන් කරයි.

පසුගිය කාලයේ දී රටේ පොල් අස්වැන්න අඩුවීමට මයිටා උවදුර ඉහළ යාම විශාල බලපෑමක් සිදු කර තිබේ.

මෙම විලෝපිත මයිටාවන් 5000ක් පමණ වරින් වර පොල් ගසේ ගෙඩි අතරට අඛණ්ඩව අවම වශයෙන් වසර දෙකක්වත් යෙදිය යුතුය.

පොල් මයිටා රෝගය 100%ක්ම තුරන් කළ හැකි ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නැති නමුත් මයිටා රෝගය නිසා පොල් ගෙඩි  කුඩා වීම 60%කින් පමණ අවම කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම