බිත්තර වී ගොවිපල 200ක් පිහිටුවීමේ වැඩසටහනක්
2023-11-02 16:35:58
Share with:

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක “බිත්තර වී ගොවිපල 200ක් පිහිටුවීමේ වැඩසටහන”  මහවැලි “එච්”කලාපයේ දී ක්‍රියාවට නැංවේ. එහිදී ගොවීන් 200ක් සඳහා පැරෂුට් තැටි ප්‍රදානය කෙරිණ.

මෙහිදී එක් ගෙවිලියක සඳහා රුපියල් 88,000ක වටිනාකමකින් යුත් පැරෂුට් තැටි 800 බැගින් ප්‍රදානය කරන ලද අතර, එහි මුළු වටිනාකම රුපියල් මිලියන 18කට ආසන්න වේ.

ආහාර නිෂ්පාදනය ශක්තිමත් කිරීම තුළින්, ආහාර බෝග ආනයනය හැකිතාක් සීමා කළ හැකිය. ශ්‍රී ලංකාවෙන් ඉවතට ගලායන විදේශ විනිමය ඉතිරි කරගැනීම තුළින් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට යම් දායකත්වයක් ලබාදීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. සුදුසු සෑම බිම් අඟලක්ම වගාවට යොදා ගැනීම කෙරෙහි සැමගේ අවධානය යොමුවිය යුතු කාලය එළඹ ඇතැයි මේ අවස්ථාවට එක් වූ වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම