ෂින්ජ්‍යං නියමු නිදහස් වෙළඳ කලාපයේ මෙහෙයුම් ඇරඹේ
2023-11-02 10:39:11
Share with:

ෂින්ජ්‍යං  නියමු නිදහස් වෙළඳ කලාපයේ මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කෙරේ.චීනයේ වයඹ  දිග දේශ සීමා කලාපයේ ප්‍රථම නිදහස් වෙළඳ  කලාප‍ය ලෙසට එය සැලකේ.එහි සමාරම්භක උත්සවය උරුමුචි අග නගරයේ දී පැවැත් විණ.එහිදී එම කලාපයට අයත්වන උරුමුචි,හොර්ගොස් සහ කෂ්ගර් ප්‍රදේශ වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම ෂින්ජ්‍යං උයිගුර් ජාතික ස්වායත්ත රජයේ සභාපතිවරයා විසින් සිදු කරන ලදි.මෙම නිදහස් වෙළඳ කලාපයේ වපසරිය වර්ග කි‍ලෝමීටර 180 කට ආසන්නය. ඉහළ ප්‍රමිතීන් සහ උසස් තත්ත්වයේ යුතු  නිදහස් වෙළඳ කලාපය ගොඩ නැංවීම ඉදිරියට ගෙන යාමට ෂින්ජ්‍යං සතු සම්පත්, භූගෝලීය වාසි සහ කාර්මික පදනම උපයෝගී කර ගන්නා බව සභාපතිවරයා එහිදී  පැවසීය.

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොලේ "ද්විත්ව සංසරණයට" ෂින්ජ්‍යං ප්‍රදේශය සම්බන්ධ කිරීමට විශාල දායකත්වයක් ලබා දීමටත්, එක් තීරයක් එක් මාවතක්  මුලපිරුමේ කේන්ද්‍රීය අංශ  සංවර්ධනයට සහය වීමටත්, ආසියාව හා යුරෝපය අතර "රන් මාර්ගයක්" ගොඩනැගීමටත් ඉන් කැපී‍ පෙනෙන කාර්යභාරයක් ඉටු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීනයේ බටහිර දෙස විවෘතභාවය වෙනුවෙන් එය පාලමක් වනු ඇති බවද ෂින්ජ්‍යං උයිගුර් ජාතික ස්වායත්ත රජයේ සභාපතිවරයා සඳහන් කළේය.චීන රාජ්‍ය මණ්ඩලය ෂින්ජ්‍යං නියමු නිදහස් වෙළඳ කලාපය ස්ථාපිත කිරීම පිළිබඳ පොදු සැලැස්ම නිකුත් කළ අතර එය නව  යුගයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රවර්ධනයට සුවිශේෂී  උපාය මාර්ගික පියවරකි.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම