ජපානය තුන් වටයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම අරඹයි
2023-11-02 11:33:48
Share with:

ජපානය තුන් වටයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම ආරම්භ කරයි.

ජපාන‍ ටෝකියෝ විදුලි බල සමාගම එම කටයුතු අරඹා ඇතැයි Kyodo News සහ Jiji News පුවත් සේවා අද (2) වාර්තා කළේ ය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය මෙසේ මුහුදට මුදා හැරීම සිදුවන්නේ 3වන වතාවට ය. ඒ අනුව ලබන 20වන දින දක්වා එම න්‍යෂ්ටික අපජලය ටොන් 7800ක් මුහුදට මුදා හැරෙනු ඇත.

ජපානය 2024 වසර ආරම්භයේ දී මීළඟ වටයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.ඒ වන විට මුහුදට මුදා හරින ලද සමස්ත න්‍යෂ්ටික අපජල ප්‍රමාණය ටොන් 31 දහස් 200ක් වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම