පලස්තීන-ඊශ්‍රායල් ගැටුමෙන් මියගිය පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට
2023-11-02 11:09:33
Share with:

ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 1 දක්වා පැය 24කට අඩු කාලයක් තුළ, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සරණාගත කඳවුරකට ප්‍රහාර දෙකක් එල්ල කළේය. ප්‍රහාරවලින් පලස්තීනුවන් 195 දෙනෙකු මිය ගිය අතර, 777 දෙනෙක් තුවාල ලබූහ. ඊට අමතරව 120 දෙනෙකු අතුරුදහන් වී ඇති බව, Hamas මාධ්‍ය කාර්යාලය පැවසීය.

ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව, ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන-ඊශ්‍රායල් ගැටුම ආරම්භ වූ දා සිට, ගාසා තීරයේ මියගිය  පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 8,805 දක්වා ඉහළ ගොස් ඇති අතර,  ඉන් 3,648‍ දෙනෙකු ළමුන් බවද සඳහන් වෙයි.

AL Jazeera රූපවාහිනියේ නවතම වාර්තාවලට අනුව, පලස්තීන-ඊශ්‍රායල මෙවර ගැටුමෙන් මිය ගොස් ඇති  පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 8,932 කි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම