චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ස්ථාවර කමිටුවේ 4වැනි රැස්වීම අවසන්
2023-11-02 20:32:19
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ස්ථාවර කමිටුවේ 4වැනි රැස්වීම අවසන් වේ. 

එම රැස්වීම අද(2) පෙරවරුවේ බෙයිජිං නගරයේදී අවසන් විය. “ජෛව පරිසර සුරක්ෂිතතාව තහවුරු කර සුන්දර චීනය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ කරුණු එම රැස්වීමේදී සාකච්ඡා කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම  පැවැත්විණ. 

ඉදිරි වසර 5 ‘සුන්දර චීනය’ ගොඩනැගීමේ වැදගත් කාලපරිච්ඡේදයකි. චීන මහජන දේශපාලන උපදේශක සභාව ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීමේ ප්‍රධාන චින්තනය හා ප්‍රායෝගික ප්‍රශ්න කේන්ද්‍ර කරගත් වඩා බලපෑම් සහිත යෝජනා හා උපදෙස් ලබා දිය යුතු බව Wang Huning මහතා එහිදී කතාවක් කරමින් පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිදු කළ වැදගත් තීරණ හා සැලසුම්වලට අනුව, ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණය කරමින් එම අධීක්ෂණ හැකියාව ඉහළ නැංවීමට උත්සාහ කළ යුතු බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම