චීනයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඇමරිකානු හා කැනඩා යුද නෞකා පිළිබඳ චීනයේ ප්‍රතිචාරය
2023-11-02 16:59:16
Share with:

ඇමරිකානු හා කැනඩා යුද නෞකා චීනයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද සේනාංකය ප්‍රතිචාර දක්වයි.

ඇමරිකාවේ USS Rafael Peralta යුද නාශක නෞකාව හා කැනඩාවේ HMCS Ottawa ආරක්ෂක නෞකාව ඊයේ(1) චීනයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර, එම සිද්ධියට ඇමරිකාව හා කැනඩාව විසින් පුළුල් ප්‍රචාරයක් දී තිබිණ.

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද සේනාංකයේ නාවික හා ගුවන් බලඇණි එම ඇමරිකානු හා කැනඩා යුද නෞකා පසුපස හඹා ගොස් ඔවුන්ගේ මෙහෙයුම් අධීක්ෂණය කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කර නීත්‍යනුකූලව පියවර ගත් බව එම සේනාංකයේ ප්‍රකාශක Shi Yi මහතා ප්‍රකාශ කළේය. රටේ ස්වාධිපත්‍ය සුරක්ෂිතභාවය මෙන්ම ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට නැගෙනහිර යුද සේනාංකය සෑමවිටම ඉහළ විමසිල්ලෙන් සිට පියවර ගැනීමට සූදානමින් සිටින  බව ද Shi Yi මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම