ජපානයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමේ ක්‍රියාවලිය අතිශයින්ම වගකීම් විරහිත බව චීනය යළිත් අවධාරණය කරයි
2023-11-02 18:29:26
Share with:

ජපානයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමේ ක්‍රියාවලිය අතිශයින්ම වගකීම් විරහිත බව චීනය යළිත් අවධාරණය කරයි.

ජපාන‍ ටෝකියෝ විදුලි බල සමාගම අද (2) තුන්වන වටයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම ආරම්භ කළේය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා නිත්‍ය මාධ්‍ය හමුවකදී විරෝධය පළ කළේය.

ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු විරෝධය නොසලකා, ජපානය න්‍යෂ්ටික අපජලය ටොන් 15600ක් පැසිෆික් සාගරයට මුදා හැර ඇති බව හෙතෙම කීය. න්‍යෂ්ටික අවදානම මුළු ලෝකය පුරා පැතිරෙන එම ක්‍රියාවලිය අතිශයින්ම වගකීම් විරහිත බව ද ඔහු පැවසීය. ජපානය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු සැළකිල්ල කෙරෙහි අවධානය යොමු කරමින්, අසල්වැසි රටවල් ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර වගකිව යුතු ලෙස එම න්‍යෂ්ටික අපජලය සකස් කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

එම අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වය සහිත ජාත්‍යන්තර පරීක්ෂණ පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරන ලෙසට චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම