චීනයේ විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම තිරසර ලෙස යහපත් දිශාවක් කරා
2023-11-02 20:14:53
Share with:

විදේශ ආයෝජන චීනයට ප්‍රවේශ වීම සීමා කිරීමේ හා තහනම් නාමාවලිය හේතුසහගත ලෙස අවම කිරීම පිළිබඳව පර්යේෂණය කරමින් පවතින බව චීනය ප්‍රකාශ කරයි.

 චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශිකා ශූ ජුයිටිං මහත්මිය මෙසේ ප්‍රකාශ කළේ අද(2) පැවති මාධ්‍ය හමුවකදීය. මෙම වසරේ චීනයේ අලුතෙන් ස්ථාපිත විදේශ ආයෝජනය සහිත ව්‍යාපාරවල සංඛ්‍යාව වේගයෙන් වැඩි වූ අතර විදේශ ව්‍යාපාර චීනයේ ආයෝජනය කෙරේ දැක්වූ උනන්දුව අඩු වී නොමැති බව ඉන් පිළිබිඹු වන්නේ යැයි ඇය පැවසුවාය. මේ හේතුවෙන් චීනයේ විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම තිරසර ලෙස යහපත් දිශාවක් කරා වර්ධනය වනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි ද ඇය කියා සිටියි.

විදේශ ආයෝජන චීනයට ප්‍රවේශ වීම සීමා කිරීමේ හා තහනම් නාමාවලිය හේතුසහගතව අවම කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘත වේදිකා පිළිබඳ සංවර්ධනය ඉදිරියට ගෙන යනු ඇත. විශේෂයෙන් විදේශ ආයෝජනය චීනයේ නිෂ්පාදන කර්මාන්ත‍යට ප්‍රවේශ වීමේ සීමාව සම්පූර්ණයෙන් අහෝසි කිරීම සම්බන්ධයෙන් පර්යේෂණය කෙරෙනු ඇත. විදේශ ආයෝජනය නවීන සේවා කර්මාන්ත වෙළඳපොලට ප්‍රවේශ වීම ලිහිල් කිරීමට ද පියවර ගන්නා බව ඇය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම