ආසියා ශන්තිකර කලාපය සහයෝගීතා සංවර්ධනයේ ප්‍රමුඛ කලාපයක් බවට පත් කිරීම ප්‍රවර්ධනයට චීනයේ දායකත්වය
2023-11-02 18:33:24
Share with:

ආසියා ශන්තිකර කලාපය සහයෝගීතා සංවර්ධනයේ ප්‍රමුඛ කලාපයක් බවට පත් කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනය කටයුතු කරයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (2)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෑතකදී නිකුත් කළ ආසියා-ශන්තිකර කලාපයේ ආර්ථික ඉදිරිදැක්ම පිළිබඳ වාර්තාවට අනුව, මේ වසරේ ආසියා-ශාන්තිකර කලාපයේ ආර්ථීක වර්ධන අනුපාතය සියයට 4.6කට ළඟා විය හැකි වනු ඇත.එම කලාපය ලෝක ආර්ථීක සංවර්ධනයට තුනෙන් දෙකක දායකත්වයක් ලබා දෙනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. 

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා පැවසුවේ මේ වසරේ සිට චීන ආර්ථීකය අඛණ්ඩව පුනරුත්ථාපනය වෙමින් පවතින බවයි.එය කලාපීය හා ලෝක ආර්ථිකය පුනරුත්ථාපනයට නව අවස්ථා ලබා දුන් බවද හෙතෙම සඳහන් කළේය. චීනය කලාපීය හවුල්කාරී රටවල් සමඟ සැබෑ බහුපාර්ශ්විකවාදය හා විවෘත ප්‍රාදේශිකවාදය අනුගමනය කරයි. කලාපීය හා ගෝලීය ආර්ථික පුනරුත්ථාපනයට හා තිරසර සංවර්ධනයට වඩා ශක්තිමත් පිටුබලයක් ලබා දීම සඳහා, ආසියා-ශාන්තිකර කලාපය වඩා වැඩි ජයග්‍රහණ බෙදා ගන්නා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම