ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේදී වේගවත් ප්‍රගතියක්
2023-11-02 16:34:51
Share with:

අභියෝග මධ්‍යයේ වුවද ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට ගමන් කරමින් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේදී ද වේගවත් ප්‍රගතියක් අත්කරගෙන සිටී. එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටුදැකීම හා සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටුවේ 4 වෙනි සැසිවාරයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තායිලන්තයේ බැංකොක් නුවරදී ඊයේ(01) ආරම්භ වූ සමුළුව 03 වැනිදා අවසන් වීමට නියමිතයි. දැනට ක්‍රියාත්මක ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය අවසන් වූ පසු ආයෝජන සඳහා වැඩි ඉඩක් ලබාදීම වැදගත් බව හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ වැඩිදායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවද සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම