වසරේ පළමු මාස නවය තුළ චීනයේ සේවා වෙළඳාම ඉහළට
2023-11-02 10:43:01
Share with:

මේ වසරේ මුල් මාස නවය තුළ චීනයේ සේවා වෙළඳ වටිනාකම 7.7%  කින් වර්ධනය වූ බව එරට වාණිජ අමාත්‍යාංශය කියාසිටී. මේ පිළිබඳ නවතම දත්ත වාර්තා ඊයේ (01) නිකුත් කරනු ලැබීය. 

ඒ අනුව, ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ සේවා වෙළඳ වටිනාකම යුවාන් ට්‍රිලියන 4.82 කි.සමස්තයක් ලෙස ගත් කල සේවා ආනයනය වසරින් වසර 22.4% කින් යුවාන් ට්‍රිලියන 2.85 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, සේවා අපනයන වසරකට පෙර සිට යුවාන් ට්‍රිලියන 1.97 දක්වා 8.2% ක අගයකින් පහත වැටී ඇත. එම කාලපරිච්ඡේදය තුළ දී, දැනුම ආශ්‍රිත සේවා වෙළඳාම වසරින් වසර 8.6% කින් ඉහළ ගොස් යුවාන් ට්‍රිලියන 2.03 ක් ලෙස වාර්තා වී ඇත. රටේ සමස්ත සේවා වෙළඳාමේ එහි කොටස 42% දක්වා ඉහළ ගොස් තිබේ. එය වසරකට පෙර පැවති මට්ටමට වඩා 0.4% ක වර්ධනයකි. 

මේ අතර, සංචාරක සේවා ද අඛණ්ඩව යථා තත්ත්වයට පත් ව ඇති අතර, එම කාලය තුළ සංචාරක සේවාවන්හි වටිනාකම යුවාන් ට්‍රිලියන 1.05 ක් ලෙස දැක්වේ. එය වසරින් වසර 69%  කින් ඉහළ ගොස් ඇති බව ද දත්ත වාර්තා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම