චීන - ලංකා විවෘත විශ්වවිද්‍යාල මිත්‍ර ගිවිසුමක්
2023-11-01 16:23:35
Share with:

උසස් අධ්‍යාපන සහයෝගීතාවය සඳහා චීනයේ ෂැංහයි විවෘත විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එකී අවබෝධතා ගිවිසුමේ සහයෝගීතා ක්ෂේත්‍ර යටතේ චීන භාෂා මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ෂැංහයි  විවෘත විශ්වවිද්‍යාලය සහ සීමාසහිත බෑන්ක් ඔෆ් චයිනා අතර ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුමකට අත්සන් තැබීමට අදාළ පාර්ශ්වයන් එකඟතාවයට පැමිණ තිබේ.

ඒ අනුව වසර පහක කාලයක් සඳහා වලංගු වන පරිදි අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම