“ පොදු ආරක්ෂාව හා තිරසර සාමය ” සඳහා 10වැනි බෙයිජිං Xiangshan සංසදය පුළුල් වේදිකාවක්
2023-11-01 11:48:23
Share with:

 

“ අපි විවිධ පාර්ශ්වයන්ගේ අදහස්වලට සවන් දෙන්න ඕන. අපි පොදු ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නත් ඕන. මේ තමයි ‍බෙයිජිං Xiangshan සංසදයේ අරමුණ.” යනුවෙන් චීනයේ බෙයිජිං නුවර පැවති 10වැනි බෙයිජිං Xiangshan සංසදයට එක් වූ ඇෆ්ගනිස්ථාන සංවර්ධන හා සාමය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Khadim මහතා පවසා ඇත. ඊයේ(31) අවසන් වූ එම සංසදයට සහභාගිවූ බොහෝ නියෝජිතයන්ට ඇත්තේ එවන් අදහසකි. රටවල්, කලාප සහ ජගත් සංවිධාන 100ක පමණ නියෝජිතයෝ 1800ට වැඩි පිරිසක් දින 2ක් පුරා 10වැනි බෙයිජිං Xiangshan සංසදයට එක් වෙමින්“ පොදු ආරක්ෂාව, තිරසර සාමය ”යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූහ.

 චීනය ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක මුලපිරුමට මේ වන විට රටවල් හා ජගත් සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවකින් සක්‍රීය ප්‍රතිචාර ලැබී ඇත. එම මුලපිරුම ගෝලීය ආරක්ෂක කළමනාකරණය සඳහා වැදගත් විසඳුමක් සපයන බව පොදුවේ පිළිගෙන තිබේ. බෙයිජිං Xiangshan සංසදය එම මුලපිරුම මූලික කරගන්නා යාන්ත්‍රණයක් වශයෙන් සැලකේ.

ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව රැකගැනීම වෙනුවෙන් බලවතුන්ට වැඩි වගකීම් පැවරී ඇතත් කුඩා රටවලට සිය හඬ නැඟීමේ අවශ්‍යතා ද පවතී. බෙයිජිං Xiangshan සංසදය කුඩා රටවලට එම අවශ්‍යතා සපුරා ගැනීමේ වේදිකාවක් ලබා දී ඇත. එම සංසදයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් ඉටු කරන සේවය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ අතර බ්‍රික්ස් සංවිධානය පුළුල් කිරීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල ආරක්ෂාව වැනි කරුණු පිළිබඳව ද කණ්ඩායම් වශයෙන් සාකච්ඡා පැවැත්විණ.

අන්තර්ජාල ආරක්ෂාව හා ජෛව ආරක්ෂාව වැනි සාම්ප්‍රදායික නොවන ආරක්ෂක කරුණු දිනෙන් දින ජගත් ප්‍රජාවේ අවධානයට ලක් වේ. “‍පොදු ආරක්ෂාව”සාක්ෂාත් කිරීම සඳහා සාම්ප්‍රදායික මෙන් ම සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රවල ආරක්ෂාව ද රැක ගත යුතු බව මෙවර බෙයිජිං Xiangshan සංසදය පෙන්වා දෙයි.

ආරක්ෂාව සංවර්ධනයේ පදනමයි. මානව ප්‍රජාව එකිනෙකගෙන් වෙන් විය නොහැකි ආරක්ෂක හවුලකි. 10වැනි බෙයිජිං Xiangshan සංසදය ඉස්මතු කළ“‍පොදු ආරක්ෂාව”සාක්ෂාත් කරන්නේ කෙසේ දැයි අප යළි යළිත් සිතා බැලිය යුතු ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම