වැට් බදු වැඩි කරන්න කැබිනට් අනුමැතිය
2023-11-01 16:25:32
Share with:

ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම සඳහා වන බදු ප්‍රතිපත්තිය  ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ණය තිරසර භාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩි වන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස නවය තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළ ගොස් ඇතැයි රජය කියා සිටී.

එසේ වුවද හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙතෙක් හැකිවී නොමැත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ  ඉලක්කයන් සපුරා ගැනීමට හැකිවනු පිණිස දැනට ක්‍රියාත්මකව පවතින එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024-1-1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18% ක් දක්වා වැඩි කිරීමටත් තීරණය කර තිබේ. දැනට එකතු කළ අගය මත වන බද්ධ අදාල නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත බදු පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය  ලැබී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම