පලස්තීන ඊශ්‍රායල ප්‍රශ්නයට අදාල විවිධ පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සටන් විරාම තීරණයට අනුගත විය යුතු බව චීනය පවසයි
2023-11-01 18:20:43
Share with:

පලස්තීන ඊශ්‍රායල ප්‍රශ්නයට අදාල විවිධ පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ තීරණය ක්‍රියාවට නංවමින් සටන් විරාමයකට පැමිණිය යුතු බව චීනය පවසයි.

 චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ අද(1) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. විවිධ පාර්ශ්වයන්, විශේෂයෙන්ම ඊශ්‍රායලය උපරිම සංයමයෙන් කටයුතු කරමින්  එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය පසුගිය 27වනදා සිදු කළ තීරණයට අනුව සටන් විරාමයකට පැමිණිය යුතු බව ඔහු කීය. වඩාත් බරපතල මානුෂීය ව්‍යසනයක් වැළැක්වීම සඳහා සිවිල් වැසියන් ආරක්ෂා කිරීමටත් මානුෂීය සහනාධාර මාර්ග විවෘත කිරීමටත් කඩිනමින් පියවර ගත යුතු යැයි ද ඔහු අවධාරණය කර ඇත.

ගාසා තීරයේ සරණාගත කඳවුරකට ප්‍රහාරයක් එල්ල වීමෙන් විශාල සිවිල් වැසියන් පිරිසක් මරණයට පත්වීම සම්බන්ධයෙන් දැඩි කම්පනයට ලක් වූ චීනය එය දැඩි ලෙස හෙලා දකින බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම