පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ චින්තනය යළිත් එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයකට ඇතුළත් වීම ගෝලීය පොදු අපේක්ෂාව ඉටුවීමක්--චීනය
2023-11-01 18:19:38
Share with:

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ චින්තනය එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයකට යළි ඇතුළත් වීම ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවට අනුකූල වන බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. 78 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඊයේ (31) පැවති ඡන්ද විමසීමේදී චීනය හා රුසියාව යන රටවල් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනා අනුමත කර ඇත. “ප්‍රථමයෙන් අභ්‍යවකාශය තුළ අවි ආයුධ ස්ථානගත නොකිරීම”, “අභ්‍යවකාශයේදී අවි ආයුධ තරඟයක් වැළැක්වීම පිළිබඳ මීළඟ ප්‍රායෝගික පියවර” යන යෝජනා දෙකක් ඊට ඇතුළත් ය.  අභ්‍යවකාශය තුළ අවි ආයුධ තරඟයක් වැළැක්විය යුතු බවත් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට පොදුවේ උත්සාහ දැරිය යුතු බවත් එම යෝජනා දෙකෙන් අවධාරණය කෙරිණ. 

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ප්‍රමුඛයා මෙන්ම ක්‍රියා කරන්නෙකු බව වං වෙන්බින් මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්මය චීනය දැඩි ලෙස සහතික කරනු ඇත. පොදුවේ සාකච්ඡා කිරීම, පොදුවේ ගොඩනැගීම මෙන්ම පොදුවේ ජයග්‍රහණ බෙදා ගන්නා ගෝලීය පරිපාලන චින්තනය චීනය අනුගමනය කරයි. එසේම ගෝලීය පරිපාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණයට චීනය සක්‍රීයව එක් වෙමින් එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇත. ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කරන චීනය ඒ ඒ රටවල් සමඟ එක්ව විවිධ ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් මානවයා වෙනුවෙන් වඩා සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම