බහුපාර්ශ්වික සරණාගත සහන ආයතනවලට සහාය දෙන ලෙසට චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි
2023-11-01 16:05:12
Share with:

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වැනි බහුපාර්ශ්වික සරණාගත සහන ආයතනවලට තරයේ සහාය දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ චීනයේ උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊයේ (31) ආරක්ෂක මණ්ඩලය්දී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර ප්‍රජාව සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරමින්, විවිධ සම්පත් භාවිත කර එම ආයතනවලට සහාය ලබා දිය යුතු බව හෙතෙම පැවසීය. සංවර්ධිත රටවල් තම සහාය දීමේ පොරොන්දු ඉටු කළ යුතු බවත්, විශේෂයෙන් සරණාගත ප්‍රශ්නයට වගකිව යුතු රටවල් අදාළ සහායන් වර්ධනය කර සරණාගතයින්ට සහ සරණාගතයින් පිළිගන්නා රටවලට උදව් දිය යුතු බවත් ඔහු කීය.

පලස්තීන සරණාගතයින් විශාලතම හා දීර්ඝතම කාලයක් පවතින සරණාගත පිරිසකි. ගාසා තීරයේ වත්මන් මානුෂීය තත්ත්වය ඵලදායී ලෙස සමනය කිරීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව කාර්යක්ෂම සහ ස්ථාවර මානුෂීය සහන මාර්ග විවෘත කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතු බව Geng Shuang මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම