මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පය නැවත වරක් එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ අවි තරග වැළැක්වීමේ ‍යෝජානවන්‍ට ඇතුළත් කෙරේ
2023-11-01 10:41:45
Share with:

“අභ්‍යාවකාශයේ අවි තරඟයක් වැලැක්වීමේ ප්‍රායෝගික පියවර” සහ “අභ්‍යාවකාශයේ සන්නද්ධ ප්‍රමුඛයා බවට පත්වීම වැළැක්වීම‍”වැනි  යෝජනා සම්මත කෙරේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂක කමිටුව ඊයේ (31) එම යෝජනා සම්මත කළේය.

අභ්‍යවකාශයේ අවි තරඟයක් වැළැක්වීම, අභ්‍යවකාශයේ සාමකාමී භාවිතය සහ ගවේෂණය ප්‍රවර්ධනය කිරීම සහ මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බව ඉන් යළි අවධාරණය කෙරේ. මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් පිළිබඳ චීනයේ සංකල්පය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂක කමිටුවේ අදාළ යෝජනාවලට අඛණ්ඩ  ඇතුළත්  කෙරුණු හත්වැනි වසර මෙයයි.

2017 වසරේදී, මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පය  චීනය, රුසියාව සහ අනෙකුත් රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂක කමිටුව වෙත ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද “බාහිර අභ්‍යවකාශයේ අවි තරඟයක් වැලැක්වීමට තවදුරටත් ප්‍රායෝගික පියවර” සහ “අභ්‍යවකාශයේ සන්නද්ධ ප්‍රමුඛයා බවට පත්වීම වැළැක්වීම‍” යන යෝජනාවලට ප්‍රථම වතාවට ඇතුළත් විය. එතැන් සිට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂක කමිටුව සෑම වසරකම අදාළ යෝජනා සම්මත කර ඇති අතර, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට ඇති කැපවීම ඉන්  යළිත් තහවුරු කර තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම