ඊශ්‍රායල‍ දැඩි ප්‍රහාර හමු‍වේ ගාසා තීරයේ මානුෂවාදී අර්බුදය තවත් දරුණු අතට
2023-11-01 10:44:58
Share with:

ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් දැඩි කරයි. පලස්තීන භූමියට ප්‍රවේශවූ ඊශ්‍රායල හමුදා හා හමාස් සටන්කාමීන් අතර දරුණු සටන් ඇවිළී ගියේය. හමාස් සංවිධානයේ ඉලක්ක සිය ගණනකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසයි. යුධ ටැංකි නාශක මිසයිල මධ්‍යස්ථාන මෙන්ම රොකට් ප්‍රහාර ස්ථාන ද ඊට අයත් විය.භූගත උමං මාර්ග වලට පිවිසි සිය හමුදා භටයන් විසින් සිය ගණනක් හමාස් සටන්කාමීන් ඝාතනය කළ බවද ඊශ්‍රායල හමුදාව කියා සිටී.ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර ද අඛණ්ඩව සිදුවන අතර ජබාලියා ප්‍රදේශයට ද ප්‍රහාර එල්ලවිය. උතුරු ගාසා තීරයේ ජානාකීර්ණ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් 50කට අධික පිරිසක් මිය ගියහ.150කට අධික පිරිසක් තුවාල ලබා සිටිති.තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර ගාසා තීරයට ප්‍රවේශවීම සඳහා අවසර  ලැබී ඇති ආධාර ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා කියා සිටී.වර්ධනය වෙමින් පවතින ඊශ්‍රායල මෙහෙයුම් හමුවේ සාමන්‍ය වැසියන් ගේ ජීවිත දැඩි අනතුරකට ලක්ව ඇතැයි හෙතෙම සඳහන් කරයි.ජාත්‍යන්තර මානුෂවාදී නීතියෙන් පැහැදිලිව දක්වා ඇති රෙගුලාසි බැහැර කළ නොහැකි බවද හෙතෙම යළි අවධාරණය කරයි.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම