ෂී ජින්පිං මහතාගේ නව සංකල්පයන් සමග ඉදිරියට යන “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ
2023-11-01 09:19:07
Share with:

පැරණි සේද මාවතේ වෙළඳ ජාලයන්හි නව විකාශයක් ලෙස “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හැඳින්විය හැකිය. භාණ්ඩ හුවමාරුව පමණක් නොව විවිධ කලා මාධ්‍ය ද සම්බන්ධ වූ සංස්කෘතික සම්ප්‍රේෂණයට මෙම වැඩපිළිවෙළ ඉවහල් වී ඇති බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥන්ගේ සංගමයේ සභාපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරති.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ රටවල් 150කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයෙන්  2013 දී ෂී ජින්පිං මහතා විසින් හඳුන්වා දුන් ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපායමාර්ගයකි.  මෙමගින් වරාය, විදුලි බලාගාර, දුම්රිය මාර්ග, මහාමාර්ග, සහ අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකිරීමට ආයෝජනය කෙරේ. ගොඩබිම් සහ සමුද්‍රීය මාවත් ඔස්සේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ ඉන් ඔබ්බට කලාපීය සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සමත්ව ඇති බව ද මහාචාර්ය ස්වාමින් වහන්සේ පෙන්වා දෙති.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යනු ජාත්‍යන්තර වෙළදාම විදේශ ආයෝජන සහ පුද්ගල ප්‍රවාහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපෘති රාශියකින් විහිදෙන සැවොම එක වහලක් යටතට ගෙන ඒම තුළින් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි මුලපිරීමකි. එය කාර්යක්ෂම ලෙස රටවලට සිය සංවර්ධන මට්ටම වේගයෙන් ඉහළ තලයකට ගෙන ඒමට පසුබිම සලසා ඇත. 

කැළඹිලි සහ වෙනස්වීම්වලින් පිරුණු ගෝලීය පරිසරය තුළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සමෘද්ධිය සහ සංවර්ධනය සඳහා ෂී ජින්පිං මහතාගේ නව සංකල්පයන් සමග මෙය නව උපක්‍රමික මාවතක් ද සකසා ඇත. වර්තමාන ලෝකයේ රටවල් 150 ක්ම මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමෙන් එහි සාර්ථක බව මනාව පිළිඹිබු කෙරේ. මෙමගින් චීන සබඳතාවන් යුරේසියානු මහද්වීපයේ සිට අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව දක්වා ව්‍යාප්ත වී ඇති අතර ජාත්‍යන්තර සංවිධාන 30කට අධික සංඛ්‍යාවක් ද මේ සමග අත්වැල් බැඳ ගෙන ඇත.

නව සේද මාවතේ මුහුදු මාර්ගයේ උපක්‍රමික ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට ඉදිරියටත් මෙ‍මගින් සාර්ථක ප්‍රතිලාභ හිමි කර ගැනීමට හැකි වනු ඇති බව මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමින් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම