චීනයේ Xinjiang හි ආදර්ශ නිදහස් වෙළඳ කලාපය පිහිටුවීමේ සැලැස්ම නිකුත් කෙරේ
2023-11-01 10:49:19
Share with:

නව යුගයේ ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම් ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස Xinjiang උයිගුර් ජාතික ස්වායත්තයේ ආදර්ශ නිදහස් වෙළඳ කලාපයක් පිහිටුවීම සඳහා වන පොදු සැලැස්ම චීන රාජ්‍ය මණ්ඩලය නිකුත් කර ඇත. 

එම සැලැස්මට අනුව Xinjiang හි දේශීය හා ජාත්‍යන්තර වෙළඳපළ සබඳතා ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ගොඩනැගීම සහ මධ්‍යම සහ බටහිර කලාපවල උසස් තත්ත්වයේ සංවර්ධනයක් වෙනුවෙන් ආදර්ශයක් ලෙස මෙම නිදහස් වෙළඳ කලාපය ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.“එක් තීරයක් එක් මාවතක්” වැඩපිලිවෙළ සඳහා පදනම් වන කලාපයක් ගොඩනැගීමටත්, ආසියාව සහ යුරෝපය අතර “ස්වර්ණමය මාර්ගයක්” සහ චීනයේ බටහිර දෙසට විවෘත විය හැකි පාලමක් ගොඩනැගීමට මෙන්ම හවුල් අනාගතයක් සහිත චීන-මධ්‍යම ආසියා ප්‍රජාවක් නිර්මාණය කර ගැනීමට ද මෙම සැලසුම ඉවහල් වනු ඇත. මෙම නිදහස් වෙළද කලාපය තුළදී නව ප්‍රතිසංස්කරණවලට වැඩි අවස්ථාවන් ද හිමි වේ. අනෙකුත් නිදහස් වෙළද කලාපවලට සාපේක්ෂව වෙනස් ක්‍රම භාවිත කිරීමට සහ Xinjiang ප්‍රදේශයට අනන්‍ය වූ හෝ වැඩි ප්‍රතිලාභ සහිත කර්මාන්ත ඇරඹීමට හැකියාව පවතී. 

පළමු මට්ටමේ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම, වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම, සාම්ප්‍රදායික කර්මාන්ත ප්‍රතිලාභ සහිතව පුළුල් කිරීම සහ අසල්වැසි රටවල් සමග ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම වැනි අංශ 25 ක් යටතේ ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සැලැස්මෙන් හඳුනා ගෙන තිබේ.විධිමත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම, ආයෝජන සහ වෙළෙඳාමට පහසු ප්‍රවේශයන් සමගින් සාපේක්ෂ වාසි සහිත කර්මාන්ත ඒකරාශී කිරීම, සම්බන්ධීකරණ හා කාර්යක්ෂම ලෙස  කළමනාකරණය යන ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් තත්ත්වයේ නිදහස් වෙළද කලාපයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

 

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම