රජය සහ පෞද්ගලික අංශය එක්විය යුතු බව ජනපති පවසයි
2023-11-01 16:21:48
Share with:

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (31) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ලෝක සංවිධාන වල සහභාගීත්වයෙන් පැවති වටමේස සාකච්ඡාවේදී ජනාධිපතිවරයා  මේ බව පැවසීය.

ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව මෙයයි.

ආර්ථික වර්ධනයට අදාලව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාල කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර ගනිමින් විවෘත දින ප්‍රකාශයට පත් කර ජනතාවට අදාල කාර්යයන් ඉටුවී තිබෙනවාද නැද්ද යන්න විවෘතව දැන ගැනීමට සැලැස්වීමටත් මෙහිදී තීරණය කෙරිණ. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම