කියුබානු විද්‍යාඥයාට චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2023-10-31 17:26:42
Share with:

කියුබානු විද්‍යාඥ Pedro Antonio Valdes Sosa මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි. 

චීන -කියුබා සුවිශේෂ මිත්‍ර සබඳතා තහවුරු කිරීම සඳහා Pedro Antonio Valdes Sosa මහතා දිගු කාලීනව කැපවී සිටී. ජාත්‍යන්තර විද්‍යා සහයෝගීතා සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරමින් විවිධ ජයග්‍රහණ ලබා ගන්නා ඔහුට සහ ඔහු ප්‍රමුඛ කණ්ඩායමට ෂී ජින් පිං මහතා සුබ පැතුම් යොමු කර ඇත.  

නව යුගයේ විද්‍යා හා තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීන-කියුබා සහයෝගීතා අඛණ්ඩව ගැඹුරු කෙරෙමින් දෙරටේ ජනතාවට වඩා වැඩි වාසි ලබා දිය හැකි බවට ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය. 

මීට දින කිහිපයකට පෙර කියුබානු ප්‍රවීණ විද්‍යාඥ Pedro Antonio Valdes Sosa මහතා ෂී ජින් පිං ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය. ඔහු සහ ඔහුගේ කණ්ඩායම චීනයේදී මොළය ආශ්‍රිත විද්‍යා පර්යේෂණ සහ ස්නායු තාක්ෂණ පිළිබඳ චීන-කියුබා සහයෝගීතාවේ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව එම ලිපියේ විස්තර කෙරිණ. චීන-කියුබා මිත්‍රත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කර “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ” මුළු ලෝකයේම වඩා විශාල පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීමට දායකවීමට ඔහු එහිදී කැමැත්ත පළ කළේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම