විදුලිබල ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයට
2023-10-31 14:47:12
Share with:

යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අද(31) දින අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරෙනු ඇත.

අමාත්‍ය මණ්ඩල නිරීක්ෂණයෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම