චීනයේ මධ්‍යම මුල්‍ය ‍සේවා කටයුතු රැස්වීම පැවැත්වේ
2023-10-31 21:01:17
Share with:

මධ්‍යම මුල්‍ය සේවා කටයුතු රැස්වීම ඊයේ (30)සිට අද(31) දක්වා බෙයිජිං නුවර දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතා ඊ‍ට එක්වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික ලී ච්‍යං,  චාඕ ලජී, වං හූනිං, ට්සයි චී, ඩිං ශුයිෂියොන්ග්, ලී ෂී යන මහත්වරු රැස්වීමට ද සහභාගි වූහ.

චීන කොමියුනිස්ට  පක්ෂයේ 18වැනි ජාතික ‍කොංග්‍රසය පැවැත්වීමෙන් පසු කාල පරාසයේ රටේ මුල්‍ය සේවා කටයුතු ෂී ජින්පිං මහතා එහිදී සම්පිණ්ඩනය කළේය. මුල්‍ය සේවා කර්මාන්තයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය මුහුණ පා ඇති ප්‍රශ්නය විග්‍රහ කළ ඔහු ඉදිරි මුල්‍ය සේවා කටයුතු සඳහා උපදෙස් දී තිබේ. ඒ අනුව ලී ච්‍යං මහතා එහිදී රටේ මුල්‍ය සේවා කටයුතු පිළිබඳ සවිස්තරාත්මක සම්පාදනයන් සිදු කර ඇත.

මුදල් ප්‍රතිපත්තියේ ස්ථාවරත්වය සහතික කරමින් අරමුදල් සැපයීමේ ව්‍යුහය යහපත් කිරීමෙහි නිරත විය යුතු බව එම රැස්වීම පෙන්වා දෙයි. රටේ නවෝත්ප‍ාදන සංවර්ධන උපායමාර්ගය, කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපායමාර්ගය, ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවයට සහාය වීම සඳහා, වඩාත් වැඩි මුල්‍ය සම්පත් විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය, දියුණු නිෂ්පාදනය, හරිත සංවර්ධනය, මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යාපාරවලට යොමු කළ යුතුය. මුල්‍ය සේවා නියාමනය පූර්ණ ලෙස ශක්තිමත් කරමින් මුල්‍ය අවදානම් ඵලදායික ලෙස වැළැක්වීමට පියවර ගත යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම