රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ නැංවීමට ජනපතිගෙන් තීරණයක්
2023-10-31 14:46:12
Share with:

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(30) ජනාධිපති කාර්යාලයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

දිනෙන් දින බඩු මිල ඉහළ යන පසුබිමක වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ නැංවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම