චීනයේ Shenzhou-16 මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානය සාර්ථකව ගොඩබිමට
2023-10-31 08:26:58
Share with:

චීනයේ Shenzhou-16 මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානයේ ආපසු පැමිණීමේ කැප්සියුලය සාර්ථකව ගොඩබිමට ළඟා වෙයි.

Jing Haipeng, Zhu Yangzhu සහ Gui Haichao යන ගගනගාමීන් සහිත එම කැප්සියුලය අද(31) උදෑසන චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ පිහිටි Dongfeng ගොඩබෑමේ ස්ථානයට ළඟා විය.

අද පස්වරුවේ ගගනගාමීන් පිරිස විශේෂ ගුවන් යානාවකින් බෙයිජිං නගරයට ළඟා වී ඇත. පූර්ණ වෛද්‍ය පරීක්ෂණ හා සෞඛ්‍ය තක්සේරුව සඳහා ඔවුන් නිරෝධායන හා පුනරුත්ථාපන කාලයක් ගත කිරීමට සැරසේ. නිවාඩු කාලයෙන් පසුව ඔවුන්ගේ සහභාගීත්වයෙන් සමූහික මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම