සටන් විරාමයකට පැමිණෙන ලෙස චීන-මියන්මාර දේශසීමා ගැටුමට අදාළ පාර්ශ්වයන්ට චීනයෙන් ඉල්ලීමක්
2023-10-31 18:12:31
Share with:

සටන් විරාමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්නැයි, චීන-මියන්මාර දේශසීමා ගැටුමට අදාළ සියළු පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටී.

අද(31) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේය. චීන-මියන්මාර දේශසීමා ප්‍රදේශයේ සිදු වූ ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ඔහු එසේ ප්‍රතිචාර දැක්විය. 

අදාළ ගැටුම් කෙරෙහි චීනය දැඩි අවධානය යොමු කරයි. ගැටුම්කාරී තත්ත්වය උග්‍ර වීම වළක්වමින් චීන-මියන්මාර දේශසීමා ප්‍රදේශයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සම්බන්ධීකරණයෙන් සංවාදය හා සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගනිමින් ප්‍රායෝගික මෙන්ම ඵලදායි පියවර ගන්නා ලෙස චීනය ගැටුමට අදාළ සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම