චීනයෙන් පිලිපීනයට අනතුරු ඇඟවීමක්
2023-10-31 10:06:52
Share with:

ප්‍රකෝපකාරී ක්‍රියා වහා නතර කරන ලෙස චීනය පිලිපීනයට දැනුම් දෙයි.

චීනයේ දකුණු යුද කලාපයේ ප්‍රවෘත්ති ප්‍රකාශක කර්නල් Tian Junli මේ බව සඳහන් කරමින් පැවසුවේ චීන රජයේ  අවසරයක් නොමැතිව, පිලිපීන ආරක්ෂක යාත්‍රා අංක 39  ඊයේ(30) චීනයේ Huangyan දූපතට යාබද මුහුදට නීති විරෝධී ලෙස ඇතුළු වූ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් දකුණු චීන හමුදාව අදාළ නීත්‍යනුකූල පියවර ගෙන තිබේ.

පිලිපීනයේ මෙම ක්‍රියාවන් චීනයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එය ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් බරපතල ලෙස කඩ කිරීමක් යැයි ද හෙතෙම සඳහන් කරයි. තත්ත්වය තවදුරටත් උග්‍රවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට, චීනය පිලිපීනයට නිල වශයෙන් අනතුරු අඟවන බව ද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම