රටේ විගණන කටයුතු පිළිබඳ චීන ජනපතිගේ කතාවක් ප්‍රකාශයට
2023-10-31 15:54:15
Share with:

‘චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 20වන විගණන කමිටුවේ පළමු රැස්වීමේ දේශනය’ මැයෙන් යුතු චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ලිපිය හෙට(1) ‘Qiushi’ සඟරාවේ 21 වැනි කලාපයෙන් පළ කෙරේ.

නව විගණන කමිටුව වැඩකටයුතු කිරීමේදී නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය හා පක්ෂයේ 20වන ජාතික ‍කොංග්‍රසයේ ජීවගුණයට අනුකූලව නව සංවර්ධන ආකල්ප සම්පූර්ණ, නිවැරදි ලෙස අනුගමනය කළ යුතු යැයි එම ලිපියේ සඳහන් වේ. රටේ නව සංවර්ධන ව්‍යූහය ගොඩනැගීම හා ඉහල ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, විගණන ක්ෂේත්‍රයේ උපායමාර්ගික හා ඉහළ මට්ටමේ සැලසුම් ශක්තිමත් කරමින් ඵලදායික විගණන සේවාවෙන් පක්ෂයේ හා රටේ සමස්ත කාර්යය සහතික කිරීමට උත්සාහ දැරිය යුතු බව ද එහි සඳහන් වේ.

විගණන කමිටුව ස්වයං සංවර්ධනයට අවධානය යොමු කළ යුතුය. රටේ විගණන ව්‍යායාමය පිළිබඳ කීර්තිමත් සම්ප්‍රදාය හා යහපත් කල්ක්‍රියාව උරුම කර ගෙන වෘත්තීමය ජීවගුණයෙන් අවංක,පවිත්‍ර, වගකීම් දරන, ඉහල වෘත්තීය හැකියාවන් සහිත විගණන නිලධාරීන් කණ්ඩායමක් සංවර්ධනය කර ගත යුතු බව ද ෂී ජින්පිං මහතාගේ එම ලිපිය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම