චීන සමාගම්වලට සාධාරණ ව්‍යාපාරික පරිසරයක් සපයන ලෙසට චීනය කැනඩාවෙන් ඉල්ලයි
2023-10-31 17:22:59
Share with:

රජයේ නිල කටයුතු සඳහා යොදා ගැනෙන ස්මාර්ට් දුරකථනවල WeChat යෙදවුම භාවිත කිරීම තහනම් කරන බව‍ට කැනඩාව ඊයේ (30) ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී තරයේ විරෝධය පළ කර ඇත.

WeChat පෞද්ගලික සමාගමක සමාජ මාධ්‍ය වේදිකාවකි. කැනඩා‍ රජය සාක්ෂි නොමැතිව ඩිජිටල් ආරක්ෂාවේ නාමයෙන් එය‍‍ තහනම් කිරී‍මේ ක්‍රියාවලියට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව Wang Wenbin මහතා පැවසීය.

මතවාදී අගතිය අත්හැර වෙළඳාපොල ආර්ථික මූලධර්මයන් අනුගමනය කරමින්, චීන සමාගම්වලට සාධාරණ හා නොවෙනස් ව්‍යාපාරික පරිසරයක් සපයන ලෙසට චීනය කැනඩාවෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම