“ජාතික ගුවන් බීජ, බෝම්බ මෙහෙයුම” අටවන වරටත්
2023-10-31 14:48:06
Share with:

ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බිම හෙළීමේ වැඩ සටහනක් ඊයේ ( 30 දා) අනුරාධපුරයේ දී ක්‍රියාත්මක කෙරිණ. ශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීම, තිබෙන වනාන්තර වල ගුණාත්මක භාවය නැංවීම සහ වන සතුන්ට වාසස්ථාන ඇති කොට එමගින් වන සතුන් ගම් වැදීම වලකා ගැනීම මෙහි මූලික අරමුණයි.

ජාතික ගුවන් බීජ බෝම්බ මෙහෙයුම ලෙස නම් කර ඇති මෙම වැඩපිළිවෙළේ අටවන අදියර ලෙස අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගම්පලයාගම යෝජිත රක්ෂිතයේ අක්කර 40 ක (හෙක්ටෙයාර්16ක්)  භූමි ප්‍රදේශයක කුඹුක්, මී, මදටිය, පලු, වීර සහ කොහොඹ බීජ අසූ දහසක් හෙලිකොප්ටර්යකින් ගොස් බිම හෙළා තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම