තවත් ට්‍රක් රථ 26ක ආධාර සැපයුම් ගාසා තීරයට
2023-10-31 13:39:58
Share with:

ආධාර සැපයුම් රැගත් තවත් ට්‍රක් රථ 26ක් ගාසා තීරයට ප්‍රවේශ වෙයි.

එම සැපයුම ඊයේ(30) රාත්‍රී ගාසා තීරයට ළඟා වූ බව පලස්තීන රතු චන්ද්‍රවංක සමාජය පවසයි. මෙම ආධාරවලට ආහාර හා වෛද්‍ය උපකරණ ඇතුළත් ය. ඊජිප්තුවේ රෆා දේශසීමා දොරටුවෙන් එම ආධාර ගාසා තීරයට ප්‍රවේශ විය.

පලස්තීන රතු චන්ද්‍රවංක සමාජයේ සංඛ්‍යාලේඛනයට අනුව, මේ වනවිට ගාසා තීරයට ප්‍රවේශ වූ ආධාර රැගත් ට්‍රක් රථ සංඛ්‍යාව 144කි. එහෙත්, ඩීසල් සැපයුමට මෙතෙක් අවසර හිමිව නොමැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම