ගාසා තීරයේ සාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය පියවර බව චීනය පවසයි
2023-10-31 18:38:56
Share with:

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීම දැනට හදිසිම පියවර බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ ගාසා තීරයේ සටන් විරාමයකට පැමිණීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ තීරණය ඊශ්‍රායලය විසින් තරයේම ප්‍රතික්ෂේප කරනු ලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

වඩාත් බරපතල මානුෂීය ව්‍යසනය මතුවීම හා තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරමින් ප්‍රචණ්ඩත්වය නතර කළ යුතු බව වං වෙන්බින් මහතා පෙන්වා දෙයි. පලස්තීන-ඊශ්‍රායල සාමකාමී යහපැවැත්ම ඉටු කිරීම හා පලස්තීන ප්‍රශ්නය විසඳී‍ම සඳහා වන මූලික ක්‍රමය වන්නේ ‘ද්වි රාජ්‍ය සැලැස්ම’ ක්‍රියාත්මක කිරීමය. පලස්තීන ප්‍රශ්නය කඩිනමින් අංගසම්පූර්ණ වශයෙන්, සදාකාලිකව, සාධාරණ ලෙස විසඳාගැනීම සඳහා චීනය නොනවතින සේ වෑයම් දරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම