උතුරු ගාසා තීරය දැඩි අස්ථාවර තත්ත්වයක
2023-10-30 10:33:08
Share with:

උතුරු ගාසා තීරයේ සන්නිවේදන සේවා නැවත වරක් අඩපණ වූ බව පලස්තීන රූපවාහිනිය වාර්තා කරයි . ඊයේ (29) ගාසා තීරයේ සන්නිවේදන කටයුතු සුළු මට්ටමකින් යථා තත්ත්වයට පත් කළ නමුත් තත්ත්වය ඉතා අස්ථාවර මට්ටක පවතී. පලස්තීන සන්නිවේදන සමාගමේ ජංගම දුරකථන සිම් කාඩ් පත භාවිත කළ හැක්කේ ගාසා තීරය තුළ සිටින සුළු පිරිසකට පමණි.ඉන් චන්ද්‍රිකා හරහා අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි නමුත් ජාලය ඉතා අස්ථාවර සහ මිල අධිකය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඊශ්‍රායලය සටන් විරාමයක‍ට එළඹීම “දැඩිව ප්‍රතික්ෂේප කළ” බව Al Arabiya රූපවාහිනිය අද (30) අලුයම වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට අදහස් නොකරන අතර “හමාස් සංවිධානයේ පරාජය සහතික කිරීමෙන්” පසු ඉවත් වනු ඇති බව වාර්තා විය.

ඊයේ (29) රාත්‍රියේ සිට අද (30) අලුයම දක්වා ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඊශ්‍රායල හමුදා වාහන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඇතුළු වූ අතර ප්‍රාදේශීය සන්නද්ධ පුද්ගලයන් සමග වෙඩි හුවමාරු සිදුවූ බවද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම