චීන ජනපති සමස්ත චීන කාන්තා සම්මේලනයේ නව නායක මණ්ඩලය හමු වේ
2023-10-30 19:44:56
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමස්ත චීන කාන්තා සම්මේලනයේ  නව නායක මණ්ඩලය හමු විය. චීන ලක්ෂණයෙන් යුතු කාන්තා වර්ධන මාර්ගය මත ස්ථිරව ගමන් කරමින් චීන මාදිලියේ නවීකරණයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබාදීමට සමස්ත කාන්තාවන් පෙළඹවිය යුතු බවට ඔහු එහිදී උපදෙස් දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ සිට, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව කාන්තා සම්මේලනයේ ප්‍රතිසංස්කරණ, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති පද්ධතිය අඛණ්ඩව ප්‍රවර්ධනය කරමින් සිටින අතර, කාන්තා කටයුතුවල ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගෙන තිබෙන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. කාන්තාවන්ට අදාළ කාර්යයන්හිදී සෑම විටම නිවැරදි දේශපාලන දිශානතියට අනුකූලව චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ එක්ව ගමන් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. කාන්තා කාර්යය කාන්තාවන්ගේම සංවර්ධනයට පමණක් නොව, පවුල් සමගිය, සමාජ සංහිඳියාව සහ ජාතික සංවර්ධනයට සම්බන්ධ වන බව ෂී ජින්පිං මහතා කීය. එමෙන්ම, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සර්ව සම්පූර්ණ සංවර්ධනය චීන ලක්ෂණයෙන් යුත් නවීකරණයේ වැදගත් අංග බව ඔහු පෙන්වා දුන්නේය. කාන්තා සම්මේලනය පක්ෂය, රජය සහ කාන්තාවන් අතර පාලමක් බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියළු ආයතන කාන්තා කාර්යයන්ට අදාළ මූලධර්මයන්ට අනුගත විය යුතු බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ මූලික ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවත්, කාන්තා කාර්යයේ මතුවන ප්‍රධාන ප්‍රශ්න කඩිනමින් විසඳිය යුතු බවත්, කාන්තා සම්මේලන කටයුතුවලට සහාය දිය යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම