චීන ඇමරිකා නායක දෙපළ අතර San Franciscoහි හමුවක් පැවැත්වීම පෙළඹවීමට දෙපාර්ශ්වය පොදු උත්සාහයක--චීනය
2023-10-30 18:29:08
Share with:

චීන ඇමරිකා නායක දෙපළ අතර එකඟතා ක්‍රියාවට නැංවිය යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වන් වෙන්බින් මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ බෙයිජිංහි අද(30) පැවති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය වං යී මහතා පසුගියදා ඇමරිකාවේ සිදු කළ සංචාරය පිළිබඳ තත්ත්වය විස්තර කරමිනි.

වං යී මහතාගේ සංචාරය තුළදී චීනය හා ඇමරිකාව සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ගරුත්වය පිළිබඳ ආකල්පයක සිට, පොදු සැලකිල්ලට ලක් කරුණු සම්බන්ධයෙන්, ගැඹුරින්, සංවර්ධනාත්මකව, ප්‍රායෝගිකව උපායමාර්ගික වශයෙන් අදහස් හුවමාරු කර ගෙන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය යහපත් කිරීමේ සංඥාවක් ඒකාබද්ධව නිකුත් කළ බව වං වෙන්බින් මහතා පැවසීය. චීන ඇමරිකා සම්බන්ධතාවය ස්ථාවර වී යහපත් වීම දෙපාර්ශ්වයේම බලාපොරොත්තුවකි. විශේෂයෙන් දෙරටේ නායකයින් San Francisco නගරයේ හමුවක් පැවැත්වීම පෙළඹවීමට ඒකාබද්ධව උත්සාහ දරන බව දෙපාර්ශ්වයන්ගේ පොදු අදහසක් විය.

San Franciscoහි හමුව ඉටු කිරීම, පහසු ක්‍රියාදාමයක් නොවිය හැකි අතර, ‘ස්වයං ධාවනය’ මත යැපීමට නොහැකි වේ. ඒ හේතුවෙන් දෙපාර්ශ්වයේ නායක දෙපළ බාලී දූපතේ සිදු කළ හමුවෙන් ලද එකඟතාව ක්‍රියාවට නංවමින් බාධා හා බලපෑම් ඉවත් කර පොදු අදහස් එක්රැස් කිරීමෙහි නිරත විය යුතු බව ද වං වෙන්බින් මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම