චීන ප්‍රංශ සහයෝගතා පුළුල් කෙරේ
2023-10-30 10:43:54
Share with:

චීන කොමියුනිස්‍ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ මුදල් හා ආර්ථික කටයතු පිළිබද කාර්යාලයේ අධ්‍යක්ෂ හ ලිෆෙන්ග් මහතා ප්‍රංශ ජනාධිපතිවරයා ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද  උපදේශක Emmanuel Bonne මහතා හමුවෙයි.එම හමුව බෙයිජිං නගරයේ දී සිදුවිය.නව වන චීන - ප්‍රංශ ඉහළ පෙළේ ආර්ථික හා මූල්‍ය සංවාදයේ දී පැමිණි එකගතාවන් ක්‍රියාත්මක කිරීම පිළිබදව ඔවුහූ එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළහ.එහිදී අදහස් දැක්වූ හ ලිෆෙන්ග් මහතා දෙරටේ රාජ්‍ය නායකයන් ගේ උපායමාර්ගික උපදේශනය යටතේ  චීන ප්‍රංශ සබදතා ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගැනීමට හැකිව ඇති බව පැවසීය.චීනය හා ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කර ලබන වසරට වසර 60 ක් සපිරේ. එය අවස්ථාවක් කර ගනි‍මින් දෙරටේ නායකයන් එළඹි එකගතාවන් ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළද සහයෝගතාවන් හී වඩාත්  ප්‍රත්‍යක්ෂ ප්‍රතිඑල ලබා ගැනීම වෙනුවෙන් ඉදිරියට මෙහෙයවීමට චීනය සූදානම් බව ද හෙතෙම සදහන් කළේය.එහිදී අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද  උපදේශකයා පැවසුවේ චීනය සමග ආර්ථික ,වෙළද,මුදල් සහ සෙසු ක්ෂේත්‍රවල සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනයට ප්‍රංශය කැමති බවයි.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම