එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සමග සම්බන්ධ කර සංවර්ධනය කිරීමෙන් කාම්බෝජයට ඉහළ ප්‍රතිලාභ - කාම්බෝජ අගමැති
2023-10-30 15:56:52
Share with:

පසුගිය අගෝස්තු මාසයේ Hun Manet මහතා කාම්බෝජ අගමැති ධුරයට පත්වීමෙන් පසු, සැප්තැම්බර් මාසයේම සිය ප්‍රථම සංචාරය ලෙසට චීනයට පැමිණයේය. ඉන් තවත් මාසයකට පසුව ඔහු යළි වරක් චීනයේ සංචාරය කළේය. ඒ, තුන්වන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගතා පිළිබඳ නායක සමුළුවට එක්වීම සඳහයි.

මෙවර චීනයේ සංචාරය තුළදී ඔහු චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. රටේ සංවර්ධන ක්‍රියාමාර්ගය හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සමග සම්බන්ධ කර සංවර්ධනය කිරීමෙන් කාම්බෝජයට ප්‍රතිලාභ හිමිවූ බව එහිදී ඔහු විශේෂයෙන් සඳහන් කර ඇත. එකම චීනය පිළිබඳ මූලධර්මයෙහි එල්බ සිටින කාම්බෝජය ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමටත් අනුබල දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. ලෝක සුසංගතබව ආරක්ෂා කරමින් සමෘද්ධිය ඉටු කිරීමට එවන් මුලපිරුම් හා වැඩ පිළිවෙළ වැදගත් වේදිකාවන් වන බව ද ඔහු අගය කර ඇත.

ගෝලීය සංවර්ධන මුල පිරුමෙන් අවධානය යොමු වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳුකම පිටුදැකීම හා ජනතාවගේ සුබසෙත වැඩිදියුණු කිරීමටය. හරිත සංවර්ධනයටත් අවධාන‍ය යොමු කරන එම මුල පිරුම වර්තමානයේ මුහුණ පා ඇති දේශගුණ විපර්යාස ගැටළුවට ඉතා වැදගත් වේ. ගෝලීය ආරක්ෂක මුලපිරුමෙන් රාජ්‍යතාන්ත්‍රික හා බහුපාර්ශ්වික මාර්ගවලින් සාම්ප්‍රදායික ප්‍රශ්න හා සාම්ප්‍රදායික නොවන කලාපීය හා ජගත් ගැටළුවලට විසඳුම් සොයා දීම අවධාරණය කෙරේ. මේ අතර එකිනෙකාගේ මතවාදය හා වෙනස් වන ශිෂ්ටාචාරවලට ගරු කිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමේ ප්‍රධාන පරමාදර්ශයයි.  අන්‍යෝන්‍ය ගරුත්වය  මත සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමත් එහි අන්තර්ගතයකි. 

වසංගත, යුද්ධ වැනි ගෝලීය සිදුවීම්වලින් නිදහස් ව සිටිය හැකි රටක් නොමැති බව මෑතකදී මතුවූ ජගත් තත්ත්වයන් ගෙන් මිනිසුන් අවබෝධ කර ගෙන ඇති බව කාම්බෝජ අගමැතිවරයා පැවසීය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ වැදගත්කම ඉන් ඉස්මතු වී තිබේ. අනාගත ලෝකයට වගකීම සඳහා ගෝලීය කෝණයක සිට කල්පනා කළ යුතු බව ද ඔහු  සඳහන් කළේය.   

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම