‘විහාර මිතුදම්’ දූත මෙහෙරෙන් ශ්‍රී ලංකාවේ හා ආසියානු රටවල විහාරස්ථාන 100ක් අතර සබඳතා
2023-10-30 15:41:05
Share with:

ශ්‍රී ලංකාවේ විහාරස්ථාන හා ආසියානු රටවල බෞද්ධ විහාරස්ථාන අතර සබඳතා වර්ධනය කරගැනීම සඳහා වන ‘විහාර මිතුදම් දූත මෙහෙවර’ වැඩසටහන ඇරඹේ. විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ආසියානු රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල දායකත්වය සහිතව මෙය ක්‍රියාවට නංවයි.

මෙමඟින් ස්වාමීන් වහන්සේ වෙත රජයේ මුදල් වැය කිරීමකින් තොරව නවාතැන් ආහාරපාන ඇතුළු අනෙකුත් වියදම් විදේශ රටවල විහාරස්ථානවලින් දැරීම සිදු කෙරේ. දැනට විදේශ විහාරස්ථාන 50කට අධික සංඛ්‍යාවකින් ආරාධනා ලැබී ඇති අතර, සමස්ත ලංකා සාසනාරක්ෂක බලමණ්ඩලය මඟින් වැඩසටහන සඳහා ස්වාමීන් වහන්සේ තෝරාගනු ලබයි.

මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ විහාරස්ථාන හා ආසියානු රටවල විහාරස්ථාන 100ක් අතර සම්බන්ධතා ඇති කිරීම, ශ්‍රී ලංකාව හා ආසියානු රටවල් අතර ආගමික හා සංස්කෘතික සහජීවනය වර්ධනය ඇතුළු අරමුණු මුල් කර ගැනේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම